Fantasy සිහිනය

අවසාන නැවතුම....

ලැබීම් නොලැබීම් කියන දේවල් අපේ ජීවිත ළඟ එක එක විදිහට විහිදිලා - පැතිරිලා තියෙනවා. ඒ දේ එක් කෙනෙකුට පමණක් සීමා වුණ දෙයක් නෙවෙයි. හැමෝටම පොදු වුණු දෙයක්. යම් දෙයක් තුළින් කෙනෙක් ඕනවටත් වඩා, ඒ කියන්නෙ උපරිම අගය ඉක්මවලා ඒ දෙසට ළං වෙනකොට තවත් කෙනෙක්ට ඒකෙ අංශුමාත්‍රයක්වත් ලැබෙන්නෙ නෑ.
හොඳ - නරක කියලා බෙදීමක් නැතුව මේ හැමදේම අපිට ළඟා වෙනවා. ආශාවෙන් ඉන්න දේවල් ලැබෙනකොට අපි සතුටු වෙනවා වගේම හිතන්නෙ නැති අකමැති දේවල් අපිට ළඟා වෙද්දි අපි දුක් වෙනවා. ලැබීම්, නොලැබීම් කියන එකම රවුම ඇතුළෙ තියෙන අනික් වචන දෙක තමයි දුක සහ සතුට කියන දේ කියලා මම විශ්වාස කරනවා. අපේ ජීවිත ඇතුළේ ගලාගෙන යන හැම ක්‍රියාවලියකම අවසාන නැවතුම මේ දෙක මතින් තමයි තීරණය වෙන්නෙ.

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.