Fantasy සිහිනය

තැන තැන විසිරිලා අපේ පැතුම් .........


කෑලි වලට කැඩුන කන්නාඩියක් වගේ 
තැන තැන විසිරිලා අපේ පැතුම් .........
ඒ නටඹුන් වලින් මම 
ඔයාව දකින්න පෙරුම් පුරනව ..
කාගෙවත් හීන අයිතිකරගෙන මගේ කියන්න 
මට උවමනාවක් නම් නැහැ ඒත් ඔයා ඔය හිනාවෙන්නෙ 
මගේ කඳුළුවලින් ඒක නැහැ කියන්න බැහැ ඔයාට .....

මගේ හිතේ මගේ කියා
හීන තැනුව නුඹ
නුඹේ කියා අරන් ගිහින්
මුලාවෙලා අද ...
තුන් හිත අද ගිලන්වෙලා
දුකක් දරාගෙන
බලන්න මේ දෑස් නුබේ
පිං මදිවද මට ....



යහළුවන් අතර Share කරන්න 

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.