කවුරුත්ම දන්නෙ නෑ තවත්
කඳුළක තරම් දැණුනා හොඳින්
සමුගත්තදා ඔයා මගෙන්
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් එදා
අමනාප නෑ උනේ කිසිදා ...
හැමදාම ඔබ මාගෙ පවසා
තුරුලේම උන් කාලෙ පෙරදා
දැණුනේම නෑ ඔබ ඔහුගෙ කියලා ...
හිතුවේම ඔබෙ වෙන්න මතුදා
පිළිගන්න අදිමදිකලා
මගේ පණ ඈත යනු දැකලා ....
හිත කීරි ගැහිලාම රිදුණා
ඔබ දන්නෙ නෑ නෙද මේවා
මට යන්න බෑ මතක හැරදා
ඔය වාගෙ දුර පියඹා ...
හිනැහෙන්න අමතක උනා
මතක් උන වාරයක් පාසා ....
වැරදි කරලා ඔයා හැමදා
මට වැරදිකාරයා කියා
වෙන්වී ගියත් එදා
අමනාප නෑ උනේ කිසිදා ..
යහළුවන් අතර Share කරන්න

No comments:
Post a Comment