එන්නට ...
මටද නොහැක
නමුදු සොඳුරේ මේ සුවිසල්
අහස යට..
අපේ සුසුමන් හමුවෙලා
මුමුනනු ඇත..
අතැඟිළි නොබැඳෙන
සිත බැඳි සෙනෙහස
සසර පුරා ළඟ ඉන්නේ වැටී
ඒ අත් බවයෙත් මේ වාගෙම අපි
හමුවී වෙන්වී
යන්න ඇතී ...
හමුවී වෙන්වෙමු සසර පුරුද්දට
එකම සඳේ සඳ එළිය දකින කොට
ඉසුරු මුණියෙ පෙම් යුවළ නොවේ අප
හිනැහෙමු කඳුළැලි
සඟවා හිත යට ......
No comments:
Post a Comment