Fantasy සිහිනය

පිපුනු මලක හැඩ දැල සලා


පිපුනු මලක හැඩ දැල සලා
සිතුම් විහග කැල වසග කරා
මගතොට රැදි නෙත් දහක් වසා
මතකද අප නෙත් කතා කරා

කවුරුද ඔබ මා ඉන්නේ කොතනා
නොම විමසා පෙම ඉගි මැරුවා
සොදුරු වසන්තෙක මොහොතක සුවපා
වෙන්වූවා අප සුසුම් දරා


මතකේ රැදෙනා පෙර රූ ජායා
හමුවේ දෝ යලි සිත සනහා
ඔබේ නමටයි මා පාරමී පුරනා
ඇසේවීදෝ මේ ගී මාලා

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.