Fantasy සිහිනය

ඔයා මගෙන් ඇත් වෙලා ගියත් ඔයාට ඕනේ වෙලාවට මම ඔයා ගාව ඉදිවි.....



මම මේ කරන දේ කොචිචර දුරට හරිද වැරදි ද කියන එක ගැන මම දන්නෙ නැහැ.මට ඕනේ මගෙ කෑලි කෑලි වලට කැඩිලා ගිය හිත ආයෙත් හදා ගන්න නෙමේ. මොකද ඒක කැඩිලා තියෙන විදිහට ආයේ හදන්න මම කොචිචර උත්සහ ගත්තත් එක හදන්න බැහැ.ඒ හින්ද මම දැන් එකට මහන්සි වෙන්නෙ නැහැ.



මම කාට හරි ලං වුනොත් ඒ දේ මට නැති වෙනවා කියන එක මම පොඩි කාලේ ඉදන් අත්දැකපු දෙයක්.ඒක දැනටත් එහෙමයි.ඉස්සරහත් එහෙම වෙයි.ඉතින් මම හැම වෙලාවෙම හිතුවෙ කාවවත් ලං කර ගන්නෙ නැතිව තනියම ඉන්නවයි කියල.ඒත් මට නොදැනිම ඔයා මට ලංවෙලා.දැන් ආයෙත් මට තනියම ඉන්න පුරැදු වෙන්න කාලේ ඈවිත් කියලයි මට හිතෙන්නේ.




මට මේ කිසිම දෙයක් එපා කියලා දමලා ගහලා යන්න බැරි තරමට මගෙ හිතට බර පැටවිලා.ඒ ගැන හිත හිත අඩලා අඩලා මටම ඈති වෙලා.දැන් මට ඕනේ මගෙ ජිවිතේ එවා වෙනුවෙන් කැප කරන්න.
මගෙ හිත ගල් කරගෙන ඉන්න තියෙනවා නම් , හැමදාම අද මට දැනෙන මේ දුක,ඇස් වලින් එන කදුලු වලට ඉඩක් නැති වෙන්න තිබුනා.


ඔයාට කියලා ජිවිතයක් තියෙන්න ඔනේ.ඔයා මා එක්ක ඉන්නකම් ගොඩාක් දුක් වින්දා.දුක පිටි පස්සෙ ඉන්න සතුට කවදා හරි ඔයා ගාවට ඒවි.ඒත් මම ඉන්නකම් කවම දාවත් එකවත් හම්බ වෙන්නෙ නැතිව යයි,ඒ තරමට මම අවාසනාවන්ත කොල්ලෙක්.මට ඕනේ මගෙ අවාසනාව ඔයාගෙන් ඇත් කරලා තියා ගන්න.


ඔයාගෙ සතුට බලන්න මම ආසාවෙන් බලන් ඉන්නවා. ඔයාගෙන් මට ලැබුන ආදරේ හැමදාම මම ආදරෙන් තියා ගන්නවා.මම ජීවත් වෙලා ඉන්නකම් එක පරිසමෙන් මම බලා ගන්නවා.ඒ දේ තරමි වටින දෙයක් මට කවුරැත්ම දීලා නැහැ.ඔයාගෙන් මට ලැබුන ආදරේට මට ස්තුති කරන්න බැහැ. එකට ගොඩාක් පින්. 
ඔයා මගෙන් ඇත් වෙලා ගියත් 

ඔයාට ඕනේ වෙලාවට මම ඔයා ගාව ඉදිවි.....
sanju

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.