දන්නවද මේ හිතේ දැන් ඔයා ගැන අංශු මාත්‍රයක්වත් හැගීමක් නෑ.
ඒත්.... අතීතයේ එක්තරා කාලයකදි මං තනිවම ඔයත් එක්කලා කතා කලා..ආදරේ වුනා මහා හුගක්..ඒත්....එය ප්‍රේමයක් නොව මුලාවක් බව දැනෙනකොට මං හිතින් හුගාක් දුර ගිහින්.ඒ ආදරයට අරමුණක් අරුතක් නෑ කියලා හිතෙද්දි මං මගේ හදවතට පැරදිලා අවසානයි...ඒ දෛවය ද නොලැබීමද කියලා මටවත් තේරුම් ගන්න බෑ.
වැරදි ඔයා නෙවේ මමයි..
ඒත්..අහන්න අදටත් නුඹ හිතට එන හැම මොහොතකම මහා මූසල පාළුවක්,කියාගන්න බැරි තනිකමක්, හිස් බවක් හිතට දැනෙනවා. විශ්වාස කරන්න ඒ එකදු මොහොතකටවත් ඔයා ගැන අහිතක් හිතෙන් නෑ මට. ඇත්තමයි.... ආදරය කියන්නෙ සදාකාලික දුකක්...වේදනාවක්. ආයෙම වතාවක් ඒ වරද මගේ අතින් වෙන්නෙ නෑ කියලා හිතද්දි ඔයා ඇවිත් හිත අස්සෙ පැල පදියම් වෙන්නෙ ඇයි.? ඒ.... තවමත් ඔයා මගේ හිත පතුලෙ ජීවත් වෙන හින්ද ද....?
No comments:
Post a Comment