Fantasy සිහිනය

සුපෙම් හැඟුම් ඔබෙන් එපා.....



සුපෙම් හැඟුම් ඔබෙන් එපා.....

මිතුරු දම් විනා....

නවුකාවකි ඔබ ඈත සමුදුරේ....

මා පහන් ටැබයි මෑත ගොඩබිමේ...


ගීතයේ මෙම කොටස ගායනා කරන්නේ කාන්තාවක් නිසා අපිට තේරුම් ගන්න පුළුවන් මේක කාන්තාවගේ පැත්තෙන් එන අදහසක් කියල, මා අනුමාන කරන විදියට මේ කාන්තාව අදාළ පිරිමියාට හිතින් ආදරය කලාට ලංවෙන්න බයක් තියනවා, මොකද ඒ දෙන්න අතර යම්කිසි පරතරයක් තියන බවට ඇය විශ්වාස කරනවා, එක නිසයි ඇය කියන්නේ ආදරය කරන්න එපා මට ඔබෙන් ඒ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ කියල, ඇය යටි සිතින් ඔහුට ආදරේ කරනවා කියල මන් තීරණය කලේ දෙවැනි පද පේලිය නිසා, මන්ද ඇය විසින් අපූරු යෝජනාවක් කරනවා මොකද්ද, ආදරේ කරන්න එපා යාළුවො විදියට ඉන්න කියල, මොකද ඇය කැමති නෑ ඔහුව ඈත් කරගන්නත්.

තරු එළියෙන් රුදු රාත්‍රී කාලයේ....
දැඩි සිතකින් දුරු ගමන යමි ඉතින්....
කිසි දින අප හමු නොවන බව දනීම්....
සිහිනය මිය යා යුතුය මේ ලෙසින්....

දැන් අපි ඉන්නේ ගීතයේ දෙවැනි කොටසේ, මේ කොටස ගායනා කරන්නේ පිරිමියෙක් නිසා මේ පිරිමියාගේ අදහස විදියට අපිට හිතන්න පුළුවන්. ඔහු මෙහිදී තමන් ආදරය කරන තරුණියව තමන්ගේ ජීවිතේ ආලෝකය විදියට සමාන කරගෙන තමයි මේ ආදරය යෝජනාවක් විදියට ඉදිරිපත් කරලා තියෙන්නේ, නමුත් ඇයගෙන් සතුටුදායක පිළිතුරක් නොලැබුන නිසා ඔහුට හිතෙනවා ඔහුගේ ඉදිරි ජීවිතයම මුළු ජීවිත ගමනම සඳ නැති අමාවක දවසක තරු එළියෙන් විතරක් දුර ගමනක් යනවා වගේ කියල. ඔහුගේ සියලුම පෙම් සිහින මියැදෙන්නට උනේ ඔහුට තරුණියගෙන් ස්ථීර පිළිතුරක් ලැබුන නිසා ඔහුගෙන් ආදරයක් අවශ්‍ය නැති බවට.

දිවයුරු සැඟවෙන මොහොතක තනිවී.....
ඉකිබින්දිනෙමි වියරුවේ පාලුවෙන්....
එය දසුනකි තනි සිතක නොමැකෙනා....
නෙතු වෙහෙසමි යලි දකින තුරු දුරින්.....

ගීතයේ අවසාන කොටස මේකත් කාන්තාව විසින් පවසන අදහසක් තමයි රචකයා අපිට තිලින කරලා තියෙන්නේ, නමුත් මටනම් මේ පද පේලි කිහිපය කියවන විට තේරුම් ගියේ එච්චරම සදාචාර සම්පන්න දෙයක් නෙවෙයි, ඒක නිසාම මන් කිහිප වරක්ම ගීතය වාදනය කරලා බැලුව හොඳ විදියකට මේ ගැන හිතන්න බැරිද කියල, කොහොම හරි මට මේ වගේ අදහසක් ගන්න පුළුවන් උනා, ඒ තමයි මෙම තරුණිය පිරිමියාට මහත් සේ ආදරය කරනවා, නමුත් එය ඔහුට ලබාදෙන්නට ඇය මැලිවෙනවා, ඔහු ඇගෙන් ඈත්වෙලා යනවා කීවම ඇය ඔහුට පවසන්නේ ඉර බැහැල යන පාලු මූසල වෙලාවන්වලදී පිස්සුවෙන් වගේ ඇයට ඔහුව මතක් වෙලා ඇඩෙයි කියල, එත් කමක් නෑ ඔයා යනවනම් යන්න ඔබ ගියත් ඈතින් ඉඳන් ඔයා දිහාම බලන් ඉන්නම් කියල.

කියවන ඔයාලට වගේම මටත් මේක නිකන් පිස්සුවක් වගේ තේරෙයි යකෝ මොන මගුලක්ද මේක එක්කෝ අරුට කැමති වෙන්න ඕනේ නැත්නම් උට උගේ පාඩුවේ හිත හදාන යන්න දෙන්න ඕනේ කියල, ඇත්ත එක ඇත්ත නමුත් අපේ සමාජේ මේ වගේ ආදර කතා ඕන තරම් තියනවා,

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.