Fantasy සිහිනය

'ජීවිතයෙන් තොර ආදරයක් නෑ.'


ජීවිතයෙන් තොර ආදරයක් නෑ.'
ආදරේ කරන්න ජීවවත් වෙන්න ඕන. ජීවිතයක් නැති තැනක ආදරයක් උපදින්න විදියක් නෑ. ඔය කතා බොරු නෙවෙයි. හුඟාක් බොළඳයි. ඒත් ලස්සනයි. ඒ ලස්සන විඳින්න ගිහින් ලැබුණු මේ ලස්සන ජීවිතේ නැති කර ගන්න එපා බං. දඩබ්බර ජීවිතේදි මං මේ කියන්නේ ආදරේ කරන්න, ලබන්න එපා කියලවත්, ආදරේට බහින එකවත්, ආදරේ කරන එක වැරැද්දක් කියලවත් නෙවෙයි. ආදරය කරන්න ආදරය ලබන්න ඕන තමයි, ඒත් ජීවිතය තියෙන්න ඕන.


බොහොමයක් සිදුවීම් සිද්ධ වෙනවා. අවුරුදු 16-20 කියන්නෙ ජීවිතයේ දඩබ්බර කාලයනේ. ඒ කාලයේදි හැම දේටම වඩා හැඟීම්වලට මුල් තැන දෙනවාමයි. ජීවිතය දැනෙන්නෙ සමනල් තටුවල තියල පාවෙලා යන දෙයක් ලෙසට. මේ කෝඩුකාර ආදරයත් දකින්නේ, විඳින්නෙ, දැනෙන්නෙ මේ විදියට. මේ ආදරේදි හදිසි තීරණ ගන්නවා. ඒත් ඒවා සමහර විට මෝඩ, ගොන්, ඔළමොට්ටළ තීරණ වෙන්න පුළුවන්. මම මේ තරම් ආදරය කළ කෙනා මාස 10, 12ක් අවුරුදු 4, 5ක් ආදරය කළ කෙනා මට ආදරය කියල දුන්න කෙනා නැතුව මට ජීවත් වෙලා වැක් නෑ කියල බොහෝ දෙනෙක් හිතනවා. ඇත්ත, ආදරය නැතිවීම දරාගන්න අමාරුයි. ඒත් ඒ වේදනාවට එයාට අයිතිවෙලා තියෙන අම්මා, තාත්තා ලබාදුන්න ජීවිතය පළි නෑ.


ඒ පුද්ගලයා වෙන්වීම ඔහු අපගේ ජීවිතය නම් වූ නාට්‍යයේ රඟපෑ කොටසක් අහවර වීමකි. නමුත් ජීවිතය නම් වූ නාට්‍ය තවම අවසන් වී නැත. එබැවින් අප විසින්ම ගොඩනැඟූ නාට්‍යය අප විසින්ම නිමා කළ යුතුය. එය කිරීමට අපහසු බව ඔබ මෙන්ම මමද දනිමි. නමුත් කළ යුතු වන්නේ දරා ගැනීම මිස ජීවිතය අවසන් කිරීම නොවේ.

ලිව්වේ මම නම් නෙවේචරිත් හෙට්ටිආරච්චි

No comments:

Post a Comment

Fantasy සිහිනය Designed by Templateism | MyBloggerLab Copyright © 2014

Theme images by richcano. Powered by Blogger.